සංගමයක් ලෙස උපරිමය සිදුකරනවා -දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිවේදනයක්!

සංගමයක් ලෙස උපරිමය සිදුකරනවා -දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිවේදනයක්!
පිට පළාත් සිට මේ වන විට දුම්රිය 54 ක් මේ වන විට  දුම්රිය වල මගී ධාරිතවය ද අභිබවා යමින් ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබෙන බව දුම් රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
 
එමෙන්ම තව ප්‍රධාන දුම්රිය ස්ථානවල ජනතාව විශාල වශයෙන් කොළඹ පැමිණීම සඳහා දුම්රිය ස්ථනවෙත පැමිණ කලහාකාරී ලෙස හැසිරෙන බව ද වාර්තා වේ.  දුම්රිය පාලනාධිකාරිය දුම්රිය ධාවනය අඩාල කරන්න උත්සාහ කල පසුබිමක අප සංගමයක් වශයෙන් ගත් තීරණය සමඟ කටයුතු කල දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වනවිට අපහාසුතාවයට පත් වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
 
 එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අප සංගමයක් වශයෙන් කල හැකි උපරිම පරිදි අද දින දුම්රිය ධාවනය  කිරිමට කටයුතු කරන බවයි.