ජනාධිපති ඉවත් නොවුණහොත් ඒ මොහොතේදීම හර්තාලයක් හා අඛණ්ඩ වර්ජනයකට සූදානම්

ජනාධිපති ඉවත් නොවුණහොත් ඒ මොහොතේදීම හර්තාලයක් හා අඛණ්ඩ වර්ජනයකට සූදානම්

මේ රටට මේසා විශාල අර්බූදයක් ඇති කළ විධායක ජනාධිපතික්‍රමය අහෝසි  කළ යුතුයි. එසේම ඊයේ මහජනතාව විසින් සිදු කළ ජන අරගලයෙන් පසු ජනාධිපති ගෝඨාභය 13 වනදා ඉවත්වීමට සූදානම් බව පැවසේ. රට තුළ විවිධ ගේම් ගසමින් ජනතා නැගිටීම් දියාරු කළ මේ පාලකයන් මේ මොහොතේත් ජනතාවගේ නැගිටීමට විවිධ ගේම් ගසන්නට උත්සාහ කළහොත් තත්ත්වය තවත් දරුණු විය හැකි බව ඔවුන් පැවසුවා. මාස ගණනාවක් තිස්සේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ලෙස සිදු කරන ලද දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වමින් අරගලය ශක්තිමත් කිරීමට කට්‍යුතු කරන ලදී.

11

මේ අරගලය තුළ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ලෙස ජන අරගලයේ ඉල්ලීම් වන ගෝඨා රනිල් ඉල්ලා අස්වීම සේම ඉතිරි ඉල්ලීම් දිනා ගැනීමට ද තව තවත් ශක්තිමත්ව කටයුතු කරන බව ඔවුන් පවසයි.

එසේම රට තුළ ඇතිව ඇති අර්බුදයන් විසඳීමට අවශ්‍යයැයි ඊයේ ප්‍රකාශ කරන ලදී. ජනතාව ජනාධිපති මන්දිරය ආක්‍රමණය කරන තෙක්ම රනිල්ට මේ අර්බුද විසඳන්න අමතක වී තිබුණේද යන්න ඔවුන් විමසයි. මේ මොහොතේ ජනතාව තවත් රනිල්ලාගේ බයිලා ඇසීමට සූදානම් නොවන බවත් මේ මොහොතේ මේ රටෙ ජනතාව පාලකයන්ට නොතේරෙන දුරක් පැමිණ ඇති බවත් ඔවුන් පැවසුවා. මේ අරගලය කිසි සේත්ම ජනතාව මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන ලද පිළිකුල්සහගත දේශපාලකයන්ට මේ රට භාර දීමට සූදානම් නැති බවද ඔවුන් පැවසුවා. එසේම 13 වනදා ජනාධිපති ගෝඨා ඉවත් නොවුණහොත් ඒ මොහොතේදීම ජනතාව සමග හර්තාලයක් සිදු කිරීමටත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කිරීමටත් කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

21