රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවසට තැබුවේ අරගලරුවන්ද?

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවසට තැබුවේ අරගලරුවන්ද?
  • රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තැබීම අප තරයේ හෙලා දකින අතර, ගින්න අරගලකරුවන් පිට පැටවීමද හෙලා දකිමු !

මෙම ගිනි තැබීම අප දන්නා අරගලකරුවන්ගේ එකක් නොවන බව තහවුරු කිරිමට පහත කරුණු අතිශයින්ම ප්‍රමාණවත්‍ ය.

  1. ගිනි තැබීමට මොහොතකට කලින් ආරක්ෂා අංශ නිරායුධ මාධ්‍යවේදින්ට එලවා එලවා පහර දෙන අතර, කිසිම මාධ්‍යය ආවරණයකට ඉඩ ලබා දෙන්නේ නැත. අරගලය සිදුවන සෑම අස්සක් මුල්ලක් නෑරම මාධ්‍යවේදීන් නිදහසේ සැරිසරමින් සිටියදී, ගිනි තැබීමට ප්‍රථම අගමැතිවරයාගේ නිවස අවට මාධ්‍යයට එරෙහිව 'යකඩ ආවරණයක්' යොදවන්නේ ඇයි?
  2. පහර දීමට.පෙර අගමැතිවරයාගේ නිවසේ විදුලිය විසන්දි වන අතර, අගමැතිවරයෙකුගේ නිවසක් තුල එසේ සිදුවීම කෙතරම් ස්වාභාවිකද?
  3. නිවස ගිනි ගන්නා ස්වභාවය සහ ඊට ගතවන කාලය නිරීක්ෂණය කිරීමේදී, ගිනි තැබීම සදහා වහා ගිනි ඇවිලෙන සුළු ඉන්ධනයක් භාවිත වී ඇතර,  නිරායුධව,  දෑත් වනමින් අරගලයට පැමිණි කණ්ඩායමකට එතරම් වේගයෙන් නිවසක් ගිනි තැබිය හැකිද?
  4. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්ධීරයට කිසිදු හානියක් නොකරන, එහි තිබූ මුදල් නෝට්ටු පවා එකින් එක ගැන නැවත භාරදුන් සැබෑ අරගලකරුවන්, අගමැතිවරයාගේ නිවස පමණක් එසේ විනාශ කිරීමට ඇති සුවිශේෂි හේතුව කුමක්ද?
  5. නිරායුධ මාධ්‍යවේදීන්ට එලවා එලවා පහරදෙන තරමේ ආරක්ෂාවක් සපයන ආරක්ෂක ප්‍රධානියෙකු රැකවල්ලා සිටියදී, ගිනි තැබීමට පැමිණි කණ්ඩායමක් අදාල ආම්පන්න සමග නිවස ඇතුළු වූයේ කෙසේද?

මෙය අරගලය අපකීර්තිමත් කරමින්, වෙනත් උවමණාවක් ඉටු කර ගැනීමට දරන උත්සාහයක් විය හැකි බැවින්, වහාම විමර්ෂණයක් කර වරද කරුවන්ගේ තරාතිරම රටට හෙලිදරව් කරන ලෙස අප බල කරමු.

රවී කුමුදේශ්, ජාතික සභාව