වෙඩි නොතබන්නයි අණ කළ නිලධාරියා තනතුරුවලින් ඉවත් කරලා ?

වෙඩි නොතබන්නයි අණ කළ නිලධාරියා තනතුරුවලින් ඉවත් කරලා ?

සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බව වහාම පරික්ෂණයක් ඉල්ලා සිටින ලෙසයි.

තවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර පුරවැසියන් පිරිසක් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ අතර එම සාමකාමී පුරවැසියන්ට වෙඩි නොතබන බවට ඉහත හමුදා නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය විය.

එම නිලධාරියා තනතුරුවලින් ඉවත් කළේ වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ නිසා නම් එය බරලතල තත්ත්වයකි.

එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන⁣ ලෙසත්, ඔහු ඉවත් කර ඇත්තේ ඉහත කාරණය නිසා නම් ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසත් ඉල්ලා සිටිමු.