වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සහයෝගිතා කුස්සියට හුරු වෙයි

වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සහයෝගිතා කුස්සියට හුරු වෙයි

FTZ සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ සහයෝගීතාවයෙන් නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් නවාතැන් ගන්නා නේවාසිකාගාර මූලික කොට ගනිමින් පසුගිය ජූනි 10 වෙනි දින " සහයෝගිතා කුස්සිය" වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සතියකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම සහ සාමූහික කාර්යයේ බලය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ අතර ඒ සඳහා සහභාගිවූ සේවක සේවිකාවන්ට මෙම නව සංකල්පය සමඟ සහයෝගයෙන් ආහාර පිසීම සේම සාමූහිකව එකතු වී එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

වැඩසටහන අතරතුර නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය තුළ සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම සේම "සහයෝගිතා කුස්සිය" වැඩසටහනේ මූලික අරමුණ සම්බන්ධයෙන්ද සේවක සේවිකාවන් දැනුවත් කරන ලදී.

IMG3

IMG8

මෙම වැඩසටහනේදී සහයෝගිතා මධ්යස්ථානයේ නීති නිලධාරිනි ලිලන්ති කුමාරි මහත්මිය විසින් කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සැසියක් ද පවත්වන ලදී.

IMG1

 IMG2

 IMG7