අරගල බිමට එල්ල කළ මෘග ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී

අරගල බිමට එල්ල කළ මෘග ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී

කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ගාලුමුවදොර අරගල බිමට එල්ල කළ මෘග ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් හෙළා දැක ඇත.

මේ අවස්ථාවේ බලධාරින් විසින් සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් අත්අඩංගුවට පත් සියලුදෙනා සිටින ස්ථාන අනාවරණය කිරීමටත් පියවර ගත යුතු බව නීතිඥ සංගමයේ සභාපතිවරයා මීට මද වෙලාවකට පෙර සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

ඔහු තවදුරටත් සිය ෆේස්බුක් සටහනේ මෙසේ දක්වයි.

“ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු මා දැනුවත් කර ඇත. නීතිඥ නුවන් බෝපේගේ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මට දැනුම් දී ඇත. බලධාරීන් විසින් සෑම කෙනෙකුගේම ආරක්ෂාව සහතික කළ යුතු අතර ඔවුන් සිටින ස්ථානය අනාවරණය යුතුය. මම පොලිස්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර හමුදාපතිවරයාට ද පණිවිඩයක් ලබා දුන්නෙමි. අනවශ්‍ය ලෙස මෘග බලය යොදා ගැනීමෙන් මේ රටටත් ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් කිසිදු වාසියක්ක් නොවනු ඇත.”