වෘත්තිය සමිති වැසි නොතකා මර්දනයට එරෙහි විරෝධතාවයේ

වෘත්තිය සමිති වැසි නොතකා මර්දනයට එරෙහි විරෝධතාවයේ

අද අලුයම ගොල්ෆේස් අරගලකරැවන්ට එල්ල කල සහාසික පුහාරයට එරෙහිව වෘත්තීය සමිති,සිවිල් සංවිධාන හා බහු ජන සංවිධාන ඇතුළු අරගලයට සහය දක්වන පිරිස් ඒකරාශීව කොටුව දුම්රියපල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

උද්ඝාෂණයේ යෙදෙන වෘත්තීය සමිති නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෘග ලෙස මාධ්‍යවේදීන්ට,අරගලකරුවන්ට හා නීතියින්ට පහරදීම දැඩි ලෙස හෙලා දකින බවත් අත් අඩංගුවට ගත් පිරිස් මුදා හරින තෙක් මෙම උද්ඝෝෂණ මාලාව ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි.

මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ඒකරාශීත්වයෙන් සැලැස්මකට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේවනවිට වෘත්තීය සමිති සාකච්ඡාකරමින් සිටින බවයි.

එමෙන්ම අරගලකරුවන්ට සිදුකල පහරදීම දැඩි ලෙස හෙලා දකින අතර අත් අඩංගුවටගත් පිරිස් මුදාගන්නා තෙක් විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

1

2

3