දුම්රිය ගාස්තු සංශෝධනයට ස්ථානාධිපතිවරු කල් ඉල්ලයි

දුම්රිය ගාස්තු සංශෝධනයට ස්ථානාධිපතිවරු කල් ඉල්ලයි
දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
 
ඒ් බව  දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර විසින්  අද (21) පස්වරුවේ ලිඛිතව දැනුම් දුන් බව සඳහන්ය.
 
ගාස්තු සංශෝධනය පිළිබඳව මගීන් පූර්ව දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම, දුම්රිය  ස්ථානවල ප්‍රායෝගිකව ගිණුම් කටයුතු හා අදාළ කාර්යන් සඳහා දිනකටත් අඩු කාලය ප්‍රමාණවත් නොවන බවත් මෙම තත්ත්වයෙන්  දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ මගීන් අපහසුතාවයට පත්වන බවත් එම ලිපියෙන් වැඩි දුරටත් දැනුම් දී තිබේ.