සංවර්ධන නිලධාරීට පහදුන් මැරයන්ට වහා නීතිය ක්‍රියාත්මක කරන්න

සංවර්ධන නිලධාරීට පහදුන් මැරයන්ට වහා නීතිය ක්‍රියාත්මක කරන්න

ඉන්ධන පාලනයකින් යුතුව බෙදාදීමේ RQ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ කටයුතු වෙනුවෙන් යෙදී සිටි වැල්ලවාය - මොණරාගල පාරේ IOC පිරවුම්හලේ රාජකාරියක යොදවා සිටි සංවර්ධන නිලධාරී මහතාට පහරදුන් මැරයින්ට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසත්, 2022 අගෝස්තු 15 සිට මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියලූම සංවර්ධන නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කර ඇති රාජකාරීවලින් ඉවත් වන බව ද දන්වා සිටිමින් මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022 අගෝස්තු 10 දින ප.ව. 5.10 ට පමණ වැල්ලවාය-මොණරාගල පාරේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ දී වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු උක්ත පිරවුම්හලට විශේෂ රාජකාරියක් සඳහා යොදවා සිටි සංවර්ධන නිලධාරී ලහිරු ජයශාන්ත සේනාධීර මහතාට සංවිධානාත්මක මැර පිරිසක් විසින් පිරවුම්හලේදීම පහර දීමක් සිදුකර ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් විසින් පවරා ඇති රාජකාරියකට අනුව රාජකාරියක යෙදී සිටි සංවර්ධන නිලධාරී මහතාට එල්ල කර ඇති සංවිධානාත්මක මැර ප්‍රහාරය අප සංගමය දැඩි ලෙස හෙලා දකින අතර එම අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලූ දෙනාට වහා නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාළ අංශ වහා ක්‍රියාකල යුතු බව ද අප සංගමය අවධාරණය කර සිටිමු.

රටේ පවතින බරපතල ඉන්ධන හිඟය සමනය කිරීම සඳහා පවතින ඉන්ධන පාලනයකින් යුතුව බෙදාදීමේ RQ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ කටයුතු වෙනුවෙන් යෙදී සිටි නිලධාරියාට මෙලෙස පහර දී එම කාර්යෙන් ඉවත්කර තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන අයථා ලෙස හා අනීතික ලෙස ලබා ගැනීම පහසු කර ගැනීම අරමුණු කරගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ.

රජයේ වැඩ පිළිවෙල කඩා කප්පල් කිරීමත්, රාජකාරියක යෙදී සිටි නිලධාරියෙකුට මෙලෙස පහරදීමත් බරපතල අනීතික කටයුත්තක් වන අතර ඊට අවශ්‍ය නීතිමය පියවර වහාම ගත යුතු බව අපි යළි අවධාරණය කරමු,

2. 2020. 08. 01 දින ප.ව. 05.10 ට පමණ මෙම පහරදීම සිදුකර ඇත,

3. මෙම පහරදීම සිදුකර ඇත්තේ උක්ත පිරවුම්හල වෙත ලැබෙන ඉන්ධන, ඉන්ධන අවශ්‍ය පාරිභෝගිකයන්ට නිසි ක්‍රමවේදයකට බෙදීමේ වැඩ පිළිවෙලට බාධා කරමින් ඉන්ධන මාෆියාවක යෙදෙන සංවිධානාත්මක කණ්ඩායමක් වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුයුක්ත කළ නිලධාරියා ඉවත්කර ගැනීමේ වුවමනාව අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට පවා තිබී ඇති අතර මෙම පහරදීමට ඔහුද අනියමින් සහය ලබා දී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ,

4. මෙම සංවිධානාත්මක පිරිස මීට පෙරද ඉන්ධනහල වෙත යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයින්ට පවා විවිධ බාධා කිරීම් කර ඉවත් කරගෙන තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලියක යෙදමින් සිටින බව ප‍්‍රදේශයේ ලැබෙන තොරතුරුවලින් වාර්තා වේ,

5. පහර කෑමට ලක්වූ සංවර්ධන නිලධාරී මහතා සිදුකරමින් සිටියේ OR ක්‍රමය යටතේ අදාළ රථ වාහන කාණ්ඩවලට හිමි ඉන්ධන නිසි ක්‍රමවේදයකට නිකුත් කිරීමේ ක්‍රියාවලිය රජයේ නියෝජනය හා උපදෙස් අනුව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක වන අතර අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු රජයේ එම වැඩ පිළිවෙලට IOC ඉන්ධන පිරවුම්හල් අදාළ නොවන බව ද පවසා ඇතැයි වාර්තා වේ.

6. බලශක්ති අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා ඇති වගකීම අනුව QR පරීක්ෂා කිරීම හා අදාළ ප්‍රමාණයට ඉන්ධන නිකුත් කිරීම පරීක්ෂා කිරීම සඳහා යෙද වූ නිලධාරීන් මෙලෙස ජීවිත අවධානමකට ලක් කරගනිමින් රාජකාරී සිදු කිරීමට නොහැකි අතර අප සේවාවට අයත් නිලධාරීන්ට සෘජු ලෙස අදාළ නොවන මෙම කාර්යට වුවද සහය දීමට මැදිහත්වූයේ ජනතාව විදින අපහසුතාවය වළක්වා ගැනීම වෙනුවෙන් වුවත් ජීවිත අවධානමට ලක් කරගනිමින්, වෘත්තීය හෑල්ලූ කරගනිමින් තවදුරටත් එම රාජකාරිය කිරීම අවශ්‍ය නොවනත අතර 2022 අගෝස්තු 15 සිට මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියලූම සංවර්ධන නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වෙත යොමු කර ඇති රාජකාරීවලින් ඉවත් වන බව ද මෙයින් ලිඛිතව දන්වා සිටිමු,

6. පහරදීමට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට එරෙහිව රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම, රාජකාරියේ යෙදී සිටිය දී පහරදීම, සංවිධානාත්මක පහරදීම ඇතුළු සියලූ අනීතික ක්‍රියාවන් ආවරණය වන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම මැදිහත්වන ලෙස ද, නීතිමය සාධාරණයක් ඉටුවන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටිමු.