රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් හදිසි තීරණය

රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් හදිසි තීරණය

ඉන්ධන හිඟය හේතුවෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ පසුගිය ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කල අතර මේවනවිට රාජ්‍ය සේවකයින් සතියේ දින 5 ම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වේ.

මේවනවිට ඉන්දන අර්බුදය තරමක් දුරට නිරාකරණය වී ඇති අවස්ථාවක රාජ්‍ය සේවකයින්ද සුපුරුදු පරිදි සිය රාජකාරි වලට පැමිණෙන බව නීර්ක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීම කෙරෙහි අවදානය යොමුව තිබෙන බවත් සඳහන්.

ඒ අනුව රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා අදාළ කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව රට තුළ පවතින තත්ත්වය සලකාබලා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් දැනටමත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජකාරී අවශ්‍යතා සලකා බලා සතියේ දින පහම නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වුණි.