අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් -GMOA කියයි

අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් -GMOA කියයි
දිවයිනේ බොහෝ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය හේතුවෙන් රෝහල්වල ශල්‍ය කර්ම ද නතර වී තිබෙන බවයි.
 

පවතින ඖෂධ හිඟය පිළිබඳව සියලුම රෝහල්වලින් වාර්තාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.