සෞඛ්‍ය සේවාවේ විශ්‍රාම වයස විහිළුවක් කර ගැනීමේ යලි උත්සාහයක්

සෞඛ්‍ය සේවාවේ විශ්‍රාම වයස විහිළුවක් කර ගැනීමේ යලි උත්සාහයක්

සෞඛ්‍ය සේවාවේ විශ්‍රාම වයස සියළු කාර්‍යමණ්ඩල සදහා එක් වයසක් විය යුතු බව දැඩිව අවධාරණය කරණ අතර, එසේ නොවී මගින් වෘත්තීන් අතර බරපතල විෂමතාවයන් ඇතුවන බවද පෙන්වා දෙන අතර, විශ්‍රාම වයස අඩු කිරීමේ තීරණය පිළිබදව පක්ෂ විපක්ෂ පිළි ගැනීම් තිබිය හැකි වුවද, ගෝඨාභය රාජපක්ෂ සමයේ මෙන් රජය  ප්‍රතිපත්ති විහිළුවක් බවට පත් කරනොගන්නා ලෙසත්, එසේ සිදු කලහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ඇතිවීම දක්වා තත්වය බරපතල විය හැකි බවද පෙන්වා දෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සෞඛ්‍ය සේවාව අකාර්යක්ෂම වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශපාළණ බලය හා පරිපාලන බලයට අනූව, ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කිරීම හේතුවෙනි. ඒ සදහා ඇතම් වෛද්‍ය පරිපාළකයින්  විසින් පාර්ශවීය හා පක්ශග්‍රාහී ලෙස කටයුතු කරමින් මගින් රජය නොමග යවන අවස්ථාවන්ද විශාල වශයෙන් පවතී.

මේ හේතුවෙන් ඇති හැකි ප්‍රමාණයට කඩා වඩා ගැනීමේ පරිපාලන සම්ප්‍රදායක් සෞඛ්‍ය සේවාව තුල ගොඩ නැංවී ඇති අතර, සාමුහිකත්වය සහ රෝගියා ප්‍රමුඛව තිරණ ගන්නා ස්වභාවය අල්ප වී ඇත.

අතුරු අය වැය මගින් රජයේ සේවකයින් සදහා තීරණය කරන ලද විශ්‍රාම වයසද, විවිධ පාර්ශව තමන්ට ඕනෑ පරිදි වෙනස් කිරීමට අර අදිමින් සිටින බවක් මේ වන විටත් පෙනෙන්නට තිබෙන අතර, නුදුරේදීම ඒවායින් ඇතැම් ඒවා සදහා 'ගල් පැලෙන' සාධාරණීකරණයන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත්.කරණු ඇත.

සෞඛ්‍ය සේවාවේ විශ්‍රාම වයස සියළු කාර්‍යමණ්ඩල සදහා එක් වයසක් විය යුතු බව අප දැඩිව අවධාරණය කරණ අතර, එසේ නොවී මගින් වෘත්තීන් අතර බරපතල විශමතාවයන් ඇතුවන බවද පෙන්වා දෙමු.

විශ්‍රාම වයස අඩු කිරීමේ තීරණය පිළිබදව පක්ෂ විපක්ෂ පිළි ගැනීම් තිබිය හැකි වුවද, ගෝඨාභය රාජපක්ෂ සමයේ මෙන් රජය  ප්‍රතිපත්ති විහිළුවක් බවට පත් කරනොගන්නා ලෙසත්, එසේ සිදු කලහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ඇතිවීම දක්වා තත්වය බරපතල විය හැකි බවද පෙන්වා දෙමු.