රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු ගණනය කිරීමේ නව චක්‍රලෙඛයක්

රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු ගණනය කිරීමේ නව චක්‍රලෙඛයක්

කොචිඩ්-19 වසංගත සමයේ අනුගමනය කළ සහනදායි වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසීය.

ගෝලීය වශයෙන් ව්‍යාප්තව වසංගතයක් බවට පත්වූ කොවිඩ් තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය වූ අතර, මෙම තත්ත්වය රාජ්‍ය සේවයට ද දැඩි බලපෑම් එල්ල කළේ ය.

එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන් ම රාජ්‍ය ආයතන වසා තැබීම මෙන්ම ගර්භණී හා කිරි දෙන මව්වරුන් රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කළේ ය.

මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යන ලදී.

වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතී.

අදාළ වක්‍රලේඛයට මෙතැනින් පිවිසෙන්න