ගුරු සේවයේ සියලුම දෙනාට අධ්‍යපාන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්!

ගුරු සේවයේ සියලුම දෙනාට අධ්‍යපාන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්!

2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් භාර ගනු නොලැබෙන බව අධ්‍යපාන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳවු ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. එම ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර එතෙක් ගුරු ස්ථාන මාරුවිම් සඳහා නව අයදුම්පත් භාර ගනු නොලැබේ.

මේ වන විට ප්‍රවාහන අපහසුතා මත අනුයුක්ත ලබාගෙන ඇති ගුරුවරුන්ගේ එම අනුයුක්ත 2022 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට යෝජනා වී තිබුණ ද එම ගුරුවරුන්ට එම ලිපිවල සඳහන් දිනය දක්වා අදාළ පාසලේ විදුහල්පතිගේ එකඟතාව ඇත්නම් පමණක් එම අනුයුක්ත පාසලේම සේවය කළ හැකි අතර 2022.12.31 දිනෙන් පසුව ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනුයුක්ත ලිපි නැවත නිකුත් නොකරන බව සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් ගර්භණී ගුරිවරියන් වෙත ලබා දෙනු ලබන අනුයුක්ත, වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතු මත දෙනු ලබන අනුයුක්ත සහ පාසල්වල සේවා අවශ්‍යතා පාදක කර ගනිමින් ලබාදෙන අනුයුක්ත කිරීම් සඳහා ඉහත පරිදි කටයුතු කිරීම අදාළ නොවන අතර එම අනුයුක්ත කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු මාරු) විසින් ලබා දෙනු ඇත.