රාජ්‍ය ආයතන 39ක් පුද්ගලීකරණයට සූදානම්?

රාජ්‍ය ආයතන 39ක් පුද්ගලීකරණයට සූදානම්?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ‍ශ‍්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පළමු වාරිකය ලබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන 39 ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බවත්, ඒ් සඳහා කටයුතු ලහි ලහියේ ආරම්භ වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි. 
ඒ් අනුව මේ යටතේ පවුල් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබේ.
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි අතර දූෂණ වංචා අවම කිරීම, දේශපාලන ස්ථාවරභාවය, දේශීය හා විදේශීය ණය හිමිකරුවන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබාගැනීම, දුගී ජනතාවට සහන සැලසීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ක්‍රියාත්මක කළ යුතුව ඇත.
 
ශ‍්‍රී ලංකාව මේ වන විට පුද්ගලයන් 2500 ගෙන් සහ ආයතන 117කින් ණය ලබාගෙන ඇති අතර රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි 5000 ණය ලබාගෙන තිබේ.
 
මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 350 ක් ලැබීමට නියමිතව ඇත.