EPF ප්‍රතිලාභ ඉල්ලන්න දැන් පහසු මඟක්

EPF ප්‍රතිලාභ ඉල්ලන්න දැන් පහසු මඟක්

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවායෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන ‘1958’ කෙටි දුරකථනය අංකය සහ appointment.labourdept.gov.lk යොමුව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් ඊයේ (01) දිනයේ ජනතාව වෙත ප්‍රදානය කරන ලදී.

ඒ අනුව නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් මෙතෙක් සීමා වී තිබූ මාර්ගගත පහසුකමද ඊයේ (01 වැනිදා) සිට දිස්ත්‍රික් කාර්යාල 40ක්, උප කාර්යාල 17ක් සහ කලාප කාර්යාල 11ක් වෙතින් ද ලබාගත හැකි බවයි සඳහන් වෙන්නේ.

මෙම නව සැලැස්මට අනුව EPF ප්‍රතිලාභ ඉල්ලීම් සඳහා ජනතාවට පහසු මඟක් විවර වෙන අතර එමඟින් සියලුම සේවාවන් පහසුවෙන් දැන ගැනිමේ අවස්ථාවද හිමිවෙයි.