ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මේ මාසයේ කැබිනට් අනුමැතියට

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මේ මාසයේ කැබිනට් අනුමැතියට
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
 
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග ඊයේ (04) පැවති සාකච්ඡාවේදී, හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 
එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.