60න් විශ්‍රාම නොයන පිරිසක් ගැන බලධාරීන් කියයි

60න් විශ්‍රාම නොයන පිරිසක් ගැන බලධාරීන් කියයි
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද, අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි.
 
ඒ අනුව වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 හා ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 61 මට්ටමේ තැබෙන බව ද, සඳහන්ය.
 

ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය අපෙක්ෂාකරන බව ද ඉන් පසුව අදාළ උපදෙස් නිකුත්කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.