රාජ්‍ය සේවකයින්ගේ රැකියා කප්පාදුව අරඹයි?

රාජ්‍ය සේවකයින්ගේ රැකියා කප්පාදුව අරඹයි?
රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය ක්ෂේතු කීපයකින් ඉවත් කිරීමට සැලසුම් කරන බව ආරංචි මාර්ග පවසයි.
 
ඒ් අනුව වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නො වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසා තිබේ.
 
මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්‍යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් බව සඳහන්ය. 
 

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.