අග්‍රහාර රක්ෂණ කාඩ්පත් අක්‍රීයවීමෙන් කෝටියක පාඩුවක්

අග්‍රහාර රක්ෂණ කාඩ්පත් අක්‍රීයවීමෙන් කෝටියක පාඩුවක්
රාජ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ අරමුදලේ  කාඩ්පත් (2014 වර්ෂයේ ලද) සියල්ල අක්‍රිය  තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම කාඩ්පත් සහ යන්ත්‍ර සඳහා ගෙවන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
 
එම අරමුදල 2018 වර්ෂයේ ජුනි මස මිලදී ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත් වලින් සියයට සියයට 65 ක් එනම් 65504ක්  හා පෙබරවාරි මස මිලදී ගන්නා ලද රන් කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37 ක ප්‍රමාණයක්  2019 වර්ෂයේ ඔක්තෝබර් 10 දින වනවිටද,   ආයතනයේ  පැවතුණු බවත් එම රන් කාඩ්පත් ප්‍රමාණයෙන් කාඩ්පත් 13,750 ක් සඳහා දත්ත ඇතුළත් කිරීමටද  කටයුතු කර නොතිබුණු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ  වාර්තාවක සඳහන් වේ.
 
තවද මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් හෝ නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවීමේ දොරටුව අසල ගොඩ ගසා තිබූ බවද විගණන නිලධාරීන් නිරික්ෂණය කර ඇත.
 
මේ තොරතුරු සඳහන්වී ඇත්තේ අග්‍රහර අරමුදල සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකය.