ඇගලුම් සේවකයින් සියයට 40කට රැකියා අහිමි වීමේ අවදානමක්

ඇගලුම් සේවකයින් සියයට 40කට රැකියා අහිමි වීමේ අවදානමක්
ජල, විදුලි සහ දුරකථන ගාස්තු ඉහළ යාම ඇගලුම් කර්මාන්තය ආශ්‍රිත නිශ්පාදනවලට දැඩි ලෙස බලපා ඇති බව වෙළද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
 

එහි කැදවුම්කරු ගාමිණී රත්නායක  මහතාගෙන් කල විමසීමකදී සඳහන් කලේ, නිෂ්පාදන හා කර්මාන්තවල යටිතල පහසුකම්වලට අදාළ ගාස්තු ඉහළ දැමීම පාර්ශව දෙකකට දැඩි ලෙස බලපා ඇති බවයි. 

ඉකුත් කාල සීමාවේ ඉන්ධන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇගලුම් ආශ්‍රිත නිශ්පාදන සියයට 40ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වූ බවයි ඔහු සදහන් කළේ. 

පවතින තත්ත්වය හමුවේ ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන සේවකයන් සියයට 40කට පමණ ඉදිරියේදී රැකියා අහිමිවනු ඇති බවද වෙළද කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක වැඩිදුරටත් සදහන් කළා.