උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවතත් කල් යයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවතත් කල් යයි

2022 දෙසැම්බර් මස පවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත පැවැත්වෙන දින සංශෝධනය කර 2023 ජනවාරි / පෙබරවාරි දක්වා කල්දමා ඇති බව   ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදන කර ඇත.

ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වාද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.