පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය (07) දින තීරණය කර ඇත.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී මෙම පියවර ගැනිණි. අදාළ කාර්ය සාධක බලකාය සඳහා සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. මෙයට සමගාමීව 2022 - 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කෙරේ.