සෞඛ්‍ය සේවක දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමක්

සෞඛ්‍ය සේවක දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමක්

රට පුරා රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා “දිරිය දරු ප්‍රණාම“ නමින් වාර්ෂිකව පවත්වනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනක් උතුරු පළාත් මුලකරගනිමින් සිදුකිරීම පසුගියදා වවුනියාව, මන්නාරම, යාපනය හා මුලතිව් ප්‍රධාන රෝහල්වල ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදි.

ඒ සඳහා ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න, ලේකම් බී. එච්. එස්. සුදර්ශන මහත්වරුන්ගේ සහ රෝහල්වල ප්‍රධානීන් හා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව පිරීනැමීම සිදුකරන ලදි.

වාර්ෂිකව රටපුරා පවත්වනු ලබන සෞඛ්‍ය සේවකයින්ගේ දරුවන්ගේ කුසලතා අගයමින් සිදුකරනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගිය වර්ෂවල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකිවූ බව එහි සංවිධායකයින් වැඩබිමට පැවැසීය.