වෛද්‍ය චමල් සංජීව මානව හිමිකම් කොමිසන් සභාවට

වෛද්‍ය චමල් සංජීව මානව හිමිකම් කොමිසන් සභාවට

හම්බන්තොට ප්‍රදේශයේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වැඩ තහනම් කර සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් යන වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා මානව හිමිකම් කොම්ෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියකු සතු භාෂණයේ අයිතිය ද ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයකට ආයතන සංග්‍රහයෙන් හිමි අයිතිවාසිකම් ද කම්කරු අණපනත් සහ සංශෝධිත කම්කරු ආරවුල් නිරාකරණය කිරීමේ පනත ආදී කරුණු ද දැනට අධිකරණය හමුවේ විභාග වී පවතින නඩු තීන්දු කීපයකින්ම රාජ්‍ය නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති සද්භාවයෙන් යුක්තව විවේචනය කිරීමට පවතින අයිතිය ද පාදක කොට වෛද්‍ය චමල් සංජීව මහතාට අදහස් ප්‍රකාශ කිරීමට පවතින අයිතිය සීමා කිරීමට නොහැකි බව මෙහිදී වෛද්‍ය චමල් සංජීව මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දැනුම් දී ඇත.

වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතාගේ වැඩ තහනමට එරෙහිව දැනටමත් ආගමික වෘත්තීය සිවිල් හා බහුජන සංවිධාන රැසක් ස්වකීය විරෝධය පළකර ඇති අතර ඉදිරි සතියේ දී මෙම සම්බන්ධව විරෝධතා ව්‍යාපාර ගණනාවක්ම ආරම්භ කිරීමට නියමිත බව බහුජන හා වෘත්තීය සමිති සඳහා නියෝජිතයෝ පැවසූහ.

සබැඳි පුවත්