වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම් කිරීමට අනුමැතිය දීලා

වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම් කිරීමට අනුමැතිය දීලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රෝහල් පරිපාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩතහනම් කිරීමට අනුමැතිය ලබාදෙමින්, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත.

වෛද්‍ය චමල් සංජීව මහතා, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, වෛද්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සම කැඳවුම්කරුවාද වේ.

පසුගියදා මහත් අන්දෝලනය තුඩුදුන් “හම්බන්තොට මන්ද පෝෂණ තත්ත්වය 80% දක්වා ඉහලට“ යන්න සම්බන්ධව ඉදිරිපත් කළ ලියවිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ද වෛද්‍ය චමල් සංජීව මහතා විසිනි.

සාමාන්‍යයෙන් යම්කිසි තැනැත්තකුගේ වැඩ තහනම් කිරීමට ප්‍රථම විධිමත් චෝදනා පත්‍රයක් හා විධිමත් විනය පරික්ෂණයක් කළ යුතු බව “වැඩබිම“ කළ විමසීමකදී වෘත්තීය සමිති නායකයකු වන උදේනී දිසානායක මහතා පවසා සිටියේය.

වෛද්‍ය සංජීව මහතාගේ වැඩතහනම් කිරීමට අනුමැතිය ලබාදුන් ලිපිය පහත දැක්වේ.