ගුරුවරියෝ සාරිය මාරු කරති

ගුරුවරියෝ සාරිය මාරු කරති

දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් ඊයේ (21) දින සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වෙත පැමිණ සිටින අයුරු දැක්වෙන ඡායාරූප සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබිණි.

රට තුළ පවතින ආර්ථික ගැටලු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවත්, රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති නිසා එම අවසරය මත මෙම පියවර ගත් බවත් ඔවුන් සඳහන් කර තිබිණි.

එසේ පැමිණි තමන්ව සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බව ද එම ගුරුවරියන් සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී රාජ්‍ය ආයතන සඳහා පැමිණීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට ද සාරිය වෙනුවට වෙනත් සුදුසු වෙනත් ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩදෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබූ අතර එයට මහා සංඝරත්නය විරෝධය පළ කර තිබිණි.

 

| නුවර අලවතුගොඩ ජාතික පාසලේ ගුරුවරියෝ

 

teachers| පහසු ඇඳුමකින් පාසල් ඇවිත් ෆේස්බුක් දැමූ ගුරුවරියෝ

(the leader)