දුම්රියේ වෘත්තීය සමිති අනතුරු අඟවයි!

දුම්රියේ වෘත්තීය සමිති අනතුරු අඟවයි!
ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
 
රටම අගාධයට ඇදදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බව මෙලෙස  දුම්රිය වෘත්තිය සමිති සන්ධානය විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දන්වා සිටියි.
 
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය අධිකාරී යෝජනා ඉදිරිපත් කළ ආණ්ඩු දුම්රිය වෘත්තිය සමිති සහ සේවකයන් එකතුව පරාජය කළ බවත් එම ලිපියෙන් ඔවුන් සිහිපත් කරයි.
 
දුම්රිය සේවකයන් සහ මගී ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ නොකළ බව කියන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සෑම ආණ්ඩුවකම ඇමති ධූරය දැරූ වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා සහ පැවැති ආණ්ඩු දුම්රිය පරිහානියට වගකිවයුතු බව ද වැඩිදුරටත් කියා සිටියි.