හිටපු පා. මන්ත්‍රී ගුරුවරයකුට පහර දීලා

හිටපු පා. මන්ත්‍රී ගුරුවරයකුට පහර දීලා

බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකුට හිටු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් පහරදීමෙන් ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

තමන් රාජකාරි කරන විදුහලේ ගොඩනැගිලිවලට සිදුවූ හානි පිළිසකර කිරීමට ගුරුවරුන් ඇතුළු පිරිසක් ඉරිදා පාසලට පැමිණි අවස්ථාවේදී එම ස්ථානය පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සමග ඇතිවූ බහින් බස් වීමකදී මෙම පහරදීම සිදුකර ඇත.

මෙම පහරදිමට අදාළව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාසලේ ගුරුවරුන් බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවයකද නිතර විය.