ලිංගික අතවරවලට දඬුවම් කිරීම දණ්ඩ නීති සංග්‍රහය ඇතුළත් කිරීමට යයි

ලිංගික අතවරවලට දඬුවම් කිරීම දණ්ඩ නීති සංග්‍රහය ඇතුළත් කිරීමට යයි

ලිංගික අතවර කිරීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම, ලිංගික අල්ලස් තහනම් කිරීම සහ එම සාපරාධී ක්‍රියාවන්ට වරදකරුවන් වන තැනැත්තන්ට දඬුවම් කිරීම සඳහා ඇති නීතිමය විධිවිධාන සවිබල ගැන්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ලිංගික අතවර කිරීම් මඟින් මූලික මානව අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය වන අතර ඒ හා සම්බන්ධ විධිවිධාන දණ්ඩ නීති සංග්‍රහයේ 345වන වගන්තියේ සඳහන්ව ඇත. එම අපරාධ සඳහා දඬුවම් නියම කිරීමට නීතිය මඟින් විධිවිධාන සලසා තිබුණද මෙම ගැටලුව දිගින් දිගටම පවතින බව නිරීක්ෂණය වේ.

එබැවින් ලිංගික අතවර කිරීම් සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධි ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමටත්, ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමටත් හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.