සෞඛ්‍ය වෘත්තීකයන්ගේ විදේශ රැකියාවලට බහිරවයන්

සෞඛ්‍ය වෘත්තීකයන්ගේ විදේශ රැකියාවලට බහිරවයන්

සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබෙනෙ විදේශ රැකියා අවස්ථා ටික තම තමන්ගේ පෞද්ගලික ඒජන්සි හරහා බෙදා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති මන්දිරේ කට්ටිය කඹ ඇද ගන්නවා. අවසානයේදී රටට ලැබෙන රැකියා ටික විනාශවෙලා, සෞඛ්‍ය වෘත්තීකයෝ අනාත වෙන තත්වයකට පත් වෙලා.

සිංගපූරු රජය, ශ්‍රී ලංකා රජය සමග ඇතිකරගත් එකගතාවයකට අනූව හෙද වෘත්තිකයින් සදහා ලබා දීපු රැකියා 40000ක් මේ කඹ ඇදිල්ල නිසා දැනටමත් රටට අහිමි වෙලා ඉවරයි.

රජයට රැකියා අවස්ථා 40000ක් ලැබුණානම් ඒක නිවැරදිව සන්නිවේදනය කරලා වඩාම සුදුසු පුද්ගලයින් 40000ක් තෝරලා යවන එක ආණ්ඩුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. නමුත් ඒවා රහසිගත තොරතුරු විදිහට තියාගෙන ජාවාරම් කරගෙන යන වගකිවයුතු නිළධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා රැකියා අවස්ථාව ලබා ගත් හෙද නිළධාරියක් සේවයෙන් පහ කරලා ලංකාවට එවලා. අනිත් අය ගැනත් අවිශ්වාස නිසා, ඒ රැකියා අවස්ථා සියල්ල අහිමිවෙන තත්වයකට පත් වෙලා.

මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂක වරයාගේ සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියගේ ලිපි දෙකක් හරහා කරලියට එන්නේ රජයට ලැබෙන රැකියා ටික පෞද්ගලිකව විකුණන පාර්ශව දෙකක කඹ ඇදිල්ල. රටේ ආර්ථික අහේනියෙන් බේරෙන්න ලැබෙන රැකියා ටික සුදුස්සන් අතරේ බෙදලා දෙන එක නෙවේ ඒ අයගේ වගකීම වෙලා තියෙන්නේ. රට යන එක්කෙනා කාගේ ලියුමෙන්ද යන්නේ කියන එක.

අධ්‍යක්ෂක වරයාගේ අවසරය නැතුව විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනිය ලිපියක් නිකුත් කිරීමත් වැරදියි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය නැතුව අධ්‍යක්ෂකවරයා විදේශ ආයතනයකට ලිපි ලිවීමත් වැරදියි. පවතින ක්‍රමයට පිටින් වැඩ කරන එක වගේම, එවැනි වැරදි නිවැරදි කිරීමටත් ක්‍රමයක් හා නිතීයක් තිබෙනවා. මේ එකක් නිසාවත් රටට ලැබිච්ච, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබිච්ච අවස්ථාව  අහිමි කරවන්න කාටවත් අයිතියක් නෑ.

ravikumudesh photo

| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය