60 පැන්න වෛද්‍යවරුන් ගැන අධිකරණ නියෝගයක්

60 පැන්න වෛද්‍යවරුන් ගැන අධිකරණ නියෝගයක්

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ එම අත්තනෝමතික තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් විශේෂඥ වෛද්‍යවරු අධිකරණය ඉල්ලා සිටිමින් ගොනු කළ පෙත්සම සළකා බැලූ අවස්ථාවේදිය.