බැංකු සංගමයත් එක්දින විරෝධතාවයට සූදානම්

බැංකු සංගමයත් එක්දින විරෝධතාවයට සූදානම්

අසාධාරණ බදු සංශෝධනයන්ට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයට හා ඒකාබද්ධ විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාවට තමන් සහභාගී වන බවත් ඒ සඳහා දිස්ත්‍රික්ක ගණනාවක විරෝධතා උද්ඝෝෂණ මාළාවක් ක්‍රියාත්මක කරන බවත් ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

වර්තමාන රජය විසින්  ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධනයන්ට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ජනාධිපතිවරයා අතර 2023 පෙබරවාරි මස 25 වැනි දින පැවති සාකච්ඡා අසාර්ථකව අවසන්වීම තුළ 2023 මාර්තු මස 01 වැනි දින සිදුකිරීමට සංවිධානය කර තිබූ වාත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනය ඒ ආකාරයට සිදු කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ඛණිජ තෙල්, වරාය, විදුලි, ජල හා ජලාපවාහන ක්‍ෂෙත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති සන්ධානය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව ආණ්ඩුවේ මෙම අසාධාරණ බදු සංශෝධන පරාජය කිරීම වෙනුවෙන් මූල්‍ය ක්‍ෂෙත්‍රයේ දැවැන්තම හා ශක්තිමත්ව වාත්තීය සමිතිය ලෙස අප රටේ රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර බැංකු 18 කට නායකත්වය ලබාදෙන අප සංගමය 2023 මාර්තු මස 01 වැනි දින වැඩ වර්ජනයක් සිදු කිරීමටත් පහත දැක්වෙන තෝරාගත් නගර 12 ක ඒකාබද්ධ විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සංවිධානයකර ඇත.

අසාධාරණ බදු සංශෝධනයන්ට එරෙහිව වැඩ වර්ජනයට හා ඒකාබද්ධ විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාව දිස්ත්‍රික් මට්ටමින් පහත සඳහන් ස්ථානවලදී පවත්වන බවත් එයට සියලූ ක්‍රියාකාරින්ට හට ඒ සඳහා සමබන්ධ වන ලෙස එම නිවේදනයේ සඳහන්වේ.

නගරය

ස්ථානය

අම්පාර 

රීගල් හන්දිය

අනුරාධපුරය

බැංකු වටරවුම

බදුල්ල 

බස්නැවතුම්පොළ අසළ

මඩකලපුව        

ගාන්දි පාර්ක්

ගාල්ල  

බස් නැවතුම්පොළ ඉදිරිපිට

ගම්පහ 

ගම්පහ දුම්රියපොළ ඉදිරිපිට

යාපනය

කච්චේරිය ඉදිරිපිට

මහනුවර           

ඔරලෝසු කණූව ඉදිරිපිට ලංකා බැංකුව ඉදිරිපිට

කෑගල්ල                       

කඩවීදිය

කුරුණෑගල       

ඔරලෝසු කණුව අසළ

මාතර   

මාතර බෝධිය ඉදිරිපිට

රත්නපුරය        

මහජන බැංකුව ඉදිරිපිට