ගර් භනී මවගෙත්, දරු ප්‍රසූතියක් සිදු කළ මවගෙත්, අලුත උපන් බිළිදගෙත් පෝෂණය වගේම සනීපාරක්ෂාවත් රැඳිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ දෑතේයි - ශාන්ති බගිරදන්

ගර් භනී මවගෙත්, දරු ප්‍රසූතියක් සිදු කළ මවගෙත්, අලුත උපන් බිළිදගෙත් පෝෂණය වගේම සනීපාරක්ෂාවත් රැඳිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ දෑතේයි - ශාන්ති බගිරදන්

(ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුමට සමගාමීව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී සංගමය විසින් 2023 මැයි මස 11 දින මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ උළෙලට කැපිටල් මහාරාජා සමූහයට අයත් ICL බ්‍රෑන්ඩ්ස් ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශාන්ති බගිරදන් මහත්මියගේ කතාව. එය ඉංග්‍රිසි බසින් කළ අතර එහි සිංහල භාෂාවෙන් සාරාංශය)

අපි දන්නවා පරපුරක් බිහි කරන්නේ කාන්තාව. ඒ බිහිකරන පරපුර තමයි රටක් ඉදිරියට රැගෙන යන්නේ. මාතෘත්වයට රටක් ගෞරව කරන්නේ ඒ නිසයි.

පවුල් සෞඛ්‍ය සේවිකාව කියන වෘත්තිය මේ රටේ බිහිකිරීමේ අරමුණ වුනේ, මාතෘ හා ළමා සෞඛ්‍ය උසස් තත්ත්වයකට ගෙන ඒම. ඒ තුළින් බලාපොරොත්තු වූ අරමුණ මේ වනවිට ජයගන්න රටක් ලෙස අපිට හැකි වෙලා.

ඒ සඳහා අපි ස්තුති කළ යුතුයි, මේ ස්ථානයට පැමිණිලා ඉන්න සහ මේ මොහොතේත් ඈත ගම්මානවල මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛය පිලිබඳ සොයා බලමින් කේෂ්ත්‍රයේ රාජකාරි කරන රජයේ පවුල් සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සියළුම කාන්තාවන්ට.

මේ ස්ථානයට එන්න පෙර මම පොඩි අධ්‍යනයක් කළා, කොවිඩ් 19 වසංගතයට පෙර සෞඛ්‍ය අමාතයාංශය නිකුත් කර තිබූ දත්තවලට අනුව අපේ රටේ ළදරු මරණ අනුපාතය දියුණු රටක මට්ටමට පත්වෙලා, එය දරු උපත් 1000 කට 6.8 ක් විදිහට දක්වන්න පුලුවන්. ඒක ඇත්තටම හොඳ මට්ටමක්. ඉතිං ඒ සඳහා ඈත ගම්මානවල රාජකාරි කරන පවුල් සෞඛ්‍යය නිළධාරිනියන්ට ස්තුතියි කළ යුතුයි.

මට දැනගන්න ලැබුණ විදිහට 10,000 අධික පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාජකාරි කරනවා.

ගර්භණී මවක්, දරු ප්‍රසූතියක් සිදු කළ මවක්, අලුත උපන් බිළිදෙක්, දරුවෙක් මේ ඕනෑම කෙනෙකුගේ සෞඛ්‍ය, පෝෂණය වගේම සනීපාරක්ෂාවත් රැඳිලා තියෙන්නේ ඔබගේ දෑතේයි.

ඒ වගේම නොමේරූ දරු උපත්, ළදරු මරණ, මව් මරණ, අඩුබර දරුවන් ආදී මාතෘකා රටින් තුරන් කිරීමට ඔබ කරන සේවය අතිමහත්.

කැපිටල් මහරාජා සමූහයට අනුබද්ධිත ICL ආයතනයත්, එහි ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන EVA  නිෂ්පාදනත් කාන්තාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිනවා.

ඒ, ශ්‍රී ලාංකික කාන්තාවගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරමින්.

අපේ දැක්ම තමයි වැඩිවියට පත්වූ ගැහැණු දරුවකු මවක් වනතුරුම ඇයගේ සනීපාරක්ෂාව සුරක්ෂිත කිරීම.

ඒ නිසයි අපි මේ වනවිට මේ ආර්ථික අර්බුදයත් එක්ක පාසැල් ගමන අඩපන වෙන අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ගැහැණු දරුවන් ලක්ෂයකට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන ව්‍යපෘතියක් ආරම්භ කරලා තියෙන්නේ.

අපිට අවශ්‍ය දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමයි. ඔවුන් තමයි රටේ අනාගත පරපුර බිහිකරන්නේ.

පාසැල් දියණිවරුන්ගේ ඔසප් සනීපාරක්ෂාව සුරක්ෂිත කිරීමයි අපේ අරමුණ.

අපි රටක් විදිහට ඉදිරියට යනවිට, සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අපි පාසැල් දියණිවරුන්ගේ සනිපාරක්ෂාව පිළිබඳ දැන්වත් කිරීමත්, ඔවුන්ට ඒ සඳහා අනුග්‍රහ ලබාදීමත් සිදු කරන්නේ ඒ නිසයි.

ඊවා අපේ අරමුණ වගේම ඔබේ අරමුණත් ශ්‍රී ලාංකේය කාන්තාව සුරක්ෂිත කිරීම, මව සුරක්ෂිත කිරීම, දියණිය සුරක්ෂිත කිරීමයි.

අපි කණ්ඩායම් දෙකේම අරමුණ එකට බද්ධවීම තමයි අපේ ජයග්‍රහණය.

මම සුබ පතනවා. අද දවසේ ඔබගේ ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන්.

ඒ වගේම මම ආරාධනා කරනවා අපි එකතුවෙලා අපේ රටේ කාන්තාව ආරක්ෂා කරමු. ගැබිණි මව ආරක්ෂා කරමු. දියණියන් ආරක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුල කාන්තා නියෝජනය අති විශාලයි.

ගුරු ප්‍රජාවගෙන් 85% ක් කාන්තාවන්, වෛද්‍ය ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය 60% ක්, නීතිඥ වෘත්තියේ 45% ක්,

හෙද සේවයේ 90% ක්.

ඇඟළුම් ක්ෂේත්‍රයේත්, වතු ආර්ථිකයේත්, ගෘහ සේවයෙත් නිරත කාන්තාවන් තමයි අපේ රටට ඩොලර් ගෙන එන්න වෙහෙසෙන්නේ.

අපි ඔවුන් ආරක්ෂා කළ යුතුමයි. අපි එකතුවෙලා ඒ පරිසරය හදමු.