රක්ෂණ සංස්ථාව විකුණා දැමීමට එරෙහි වූ වෘත්තිය සමිති නායකයාට දඬුවම් මාරුවක්

රක්ෂණ සංස්ථාව විකුණා දැමීමට එරෙහි වූ වෘත්තිය සමිති නායකයාට දඬුවම් මාරුවක්

රක්ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල සහෝදරයා වෘත්තිය සමිති කටයුත්තක් සඳහා කාර්යාලීය විද්‍යුත් තැපැල් පහසුකම් භාවිතා කිරීම ආයතනයේ ඊමේල් ප්‍රතිපත්තියට පටහැනි බවට අර්ථකථනය කරමින් 2023/06/5 වන දින කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කලවාන ශාඛාවට මාරු කර ඇති බව වෘත්තිය සමිති මර්දනයට එරෙහි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

දිවාකර ඇතුගල, ලාභ ලබන රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහි වූ වෘත්තිය සමිති නායකයෙකි.

මෙම කාර්යාලීය විද්‍යුත් තැපැල් ගිණුම් වෘත්තිය සමිති කටයුතුවලට කාලයක් තිස්සේ සියලුම වෘත්තීය සමිති විසින් භාවිතා කරන ලද අතර ඒ සඳහා මේ වන තුරුම කිසිදු බාධාවක් කිසිදු කළමනාකාරීත්වයකින් සිදුකර නැත. වෘත්තිය සමිති වෙත ලබා දී තිබුණු ඊමේල් ලිපින පවා මේ වන විට ඉවත් කර ඇති නිසා, සේවක අයිතියක් වන වෘත්තිය සමිති කටයුතුවලට මෙය යොදාගැනීමට ආයතනයේ නීති, රීතිවලින් සීමා තිබුණේද නැත.

එසේ තිබියදී දිවාකර සහෝදරයා සහ රක්ෂණ පොදු සේවක සංගමයේ මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චි සහෝදරියට පමණක් එරෙහිව ගෙනයන මෙම අසාධාරණ කම්කරු පිලිවෙත සහ  ද්වේශ සහගත පලිගැනීම කර ඇත.

මෙම අසාධාරණ අයුක්තිසහගත මාරු කිරීමට එරෙහිව රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවල සේවකයින් දැඩි විරෝධයක් දක්වා ඇත.

එහෙත් හිතුවක්කාරී, උද්දච්ච කළමණාකාරීත්වය මේ කිසිදු විරෝධතාවක් නොසලකා හරිමින් සිටී.

මේ වන විට ඔහුට දඬුවම් ස්ථාන මාරුවට අමතරව රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීම පවා වළක්වා ඇත. එය අතිශය අසාධාරණ අයුක්තිසහගත සහ නීතිවිරෝධී කටයුත්තකි. එනම්

01. ඔහුට මාරු කිරීම පමණක් සිදු කර ඇති අතර  කිරීමකදී කාර්යාල පරීක්ෂණයකට ඇති වීම වැළැක්විය නොහැකිය. ඒ ඔහුට පුද්ගලික කටයුතු වගේම  වෘත්තීය සමිති කටයුතු ද ප්‍රධාන කාර්යාලය තුළින් ඉටුකර ගැනීමට සිදු වූ විය හැකිය.

02. වෘත්තිය සමිති නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී ද  දින ගණනක් ප්‍රධාන කාර්යාලයේ සේවයට වාර්තා කිරීමට අවසර දී ඇත.

03. වෘත්තීය සමිති නිලධාරියකු ලෙස ඔහුට වෙත, දූෂණ වංචා හෝ අකටයුතුකම්, කඩාකප්පල්කාරී, දේපල හානි ක්‍රියා සම්බන්ධ චෝදනා නැත.

එබැවින් ඔහු ප්‍රධාන කාර්යාල පරීශ්‍රයට ඇතුළු වීම වැළැක්වීම නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවකි.

දිවාකර ඇතුගල සහෝදරයා ලාභ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව පසුගිය කාලය පුරා හඬ නැගූ අතර රක්ෂණ සංස්ථාවේ විවිධ දූෂණ වංචා අකටයුතුකම් වලට එරෙහිවද ආයතනය තුළ ද, ජාතික වශයෙන් ද හඬ නගන වෘත්තීය  සමිති නායකයෙකි. එම හඬ නිහඬ වීම රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා  දමන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව  හා දූෂණ, වංචා අකටයුතුකම් වලට එරෙහි වීම නිසා  ඔහුගේ ක්‍රියාකාරිත්වය අඩාල කරවීම මෙවැනි නීච දඬුවම් මාරු කිරීම් වල අරමුණයි.

එසේම 1999 අංක 56 දන්න කාර්මික ආරවුල් පනතේ 31 වගන්තිය යටතේ අසාධාරණ කම්කරු පිළිවෙතකි. ආර්ථිකයේ ප්‍රධාන කුළුණු තුනක් ලෙස සලකන වෘත්තිය සමිති මෙවැනි අසාධාරණ කම්කරු පිළිවෙත් මගින් මර්දනය කර  කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමු.

මෙයට අමතරව ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට එරෙහිව රට පුරා ජනතාව තුළින් නැගෙන විරෝධය රජය පිළිගත යුතු ය. එබැවින් ජාතික සම්පත්  විකිණීම වහාම නවත්වන ලෙසත්, එවැනි ප්‍රජාතන්ත්‍රීය විරෝධතාවල නිරත වන වෘත්තීය සමිති නායකයින් මර්දනය නවත්වන ලෙසත් ඉල්ලමු.