රහසේම සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාව ලෙස ප්‍රකාශයට පත් කරයි

රහසේම සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාව ලෙස ප්‍රකාශයට පත් කරයි

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව, රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය මෙන්ම විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,  එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විශ්වාසභංග යෝජනාව හේතුවෙන්  සෞඛ්‍ය සේවාවේ අර්බුධය දේශපාලන ගැටළුවක් ලෙස යට ගියද, එම අර්බුධය සඳහා කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් විශාල නොසන්සුන්තාවයක් බවට පත් විය හැකි බවට රජය කිසියම් ආකාරයකට ගණන් බලා තිබෙන බවත්, ඊට අදාල පෙර සූදානමක් ලෙස මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බවත් පෙනෙන්නට තිබේ. කෙස් නමුත් එම ගණන් බැලීමට අදාල සැබෑ ගැටළු සාකච්ඡා කිරීම වෙනුවට, මර්ධනය කිරීමට නීති ගෙන ඒම හරහා රජයේ අභිලාෂය පැහැදිලි වෙන අතර, සැබෑ ගැටලු එසේ යට ගැසිය නොහැකි බවද අවධානයට ගත යුතුය.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය