"සමාජ මාධ්‍ය නියාමන පනත කාගෙද ? කාටද ? කුමකටද ?" - ප්‍රකාශන අයිතිය රැක ගැනීම සඳහා සියළුදෙනා එක්වෙමු

"සමාජ මාධ්‍ය නියාමන පනත කාගෙද ? කාටද ? කුමකටද ?" - ප්‍රකාශන අයිතිය රැක ගැනීම සඳහා සියළුදෙනා එක්වෙමු

"සමාජ මාධ්‍ය නියාමන පනත කාගෙද ? කාටද ? කුමකටද ?"යන මැයෙන්  යෝජිත සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධ සංවාද හමුව 2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා පෙරවරුවේ නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ දී පැවැත්විණ.

ප්‍රකාශන අයිතිය රැක ගැනීමට පෙරට එමු ! යන තේමාව යටතේ මෙහි සම්පත් දායකයන් ලෙස හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ආචාර්ය රංග කලන්සූරිය සහ නීතීඥ තිෂ්‍ය වේරගොඩ යන මහත්වරුන් කටයුතු කළ අතර, සංවාද හමුව සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

රජය විසින් ගෙන ඒමට යෝජිත මෙම පනත් කෙටුම්පත ආරම්භක අවස්ථාවේ දීම පරාජය කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව සියළු දෙනාම එක්වීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරිණ. එමෙන් ම ඒ වෙනුවෙන් ඉදිරියටත් දේශපාලන භේදයකින් තොරව, එක්ව කටයුතු කිරීම සඳහා සියළුදෙනාගේ එකඟත්වයෙන් තීරණය කරන ලදී.