ඔන් ලයින් කෙටුම්පතට විරෝධය

ඔන් ලයින් කෙටුම්පතට විරෝධය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතෙහි නීත්‍යනුකුලභාවය පිළිබඳව විමසු පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයේ තීරණය එළෙඹෙන 2023 නොවැම්බර් මස 07 වන දින පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව ඇත.

ඒ පිළිබඳව හා නීතිඥ සාමූහිකය විසින් නොවැම්බර් 06 දින පදනම් ආයතනයේ පැවැත්වෙන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට ඡන්දය දෙන්න එපා” සහ ජනතාවගේ කට වසන නීති එපා , සම්මණ්ත්‍රනය දැනුම් දීම පිළිබඳ මාධ්‍ය හමුව 2023. 11. 02 දින පුවත්පත් ආයතනයේදී පවත්වනු ලැබීය.

ජනාධිති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ මනෝජ් නානයක්කාර, ජෝෂප් ස්ටාලින්, රවි කුමුදේස්, අනූප නන්දුල, නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි, දුමින්ද සම්පත්, ලසන්ත ද සිල්වා, තරිඳු ජයවර්ධන, නිශාන්ත ප්‍රීතිරාජ් යන අය නීතීඥ සාමූහිකය (Lawyers Collective), සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ මාධ්‍ය සංවිධානවල නියෝජිතයින් තම අදහස් දක්වන ලදි.