ජාතික ජන බලවේගය හා සම්බන්ධ වෘත්තීය සමිතියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (NTUC) අනුදැනුමක් හෝ සම්බන්ධයක් නොමැතිව ගොඩනංවනු නොලබන එහි කැඳවුම්කරු කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් තර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඕනෑම මට්ටමක රාජ්‍ය සේවකයින් හට හා නිලධාරීන් හට සම්බන්ධ විය හැකි, "ජාතික ජන බලවේග පොදු රාජ්‍ය සේවක සංගමය" නමින් වන වෘත්තීය සමිතියක් හා එක්වන ලෙස ඉල්ලා දැන්වීමක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
පළමුව, ජාතික ජන බලවේගය හා සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස කටයුතු කරන 'ජාතික වෘත්තීය සමිති මධස්ථානය' ලෙස අපි එවැනි වෘත්තීය සමිතියක් ගොඩනැගීමට තබා එවැන්නක් පිළිබඳව සාකච්ඡා කර හෝ නොමැති බව අවධාරණය කරන්නෙමු.
එමෙන්ම, ජාතික ජන බලවේගය හා සම්බන්ධ වෘත්තීය සමිතියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුදැනුමක් හෝ සම්බන්ධයක් නොමැතිව ගොඩනංවනු නොලබන හෙයින්, ඉහත සඳහන් නමින් සමිතියක් වේ නම් එය ව්‍යාජ හා වංචාකාරී ලෙස ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී මට්ටම, පෞද්ගලික, පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ උත්සාහයක් බවද, පෙන්වා දෙන්නෙමු.
එබැවින්, මේ පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධස්ථානය ලෙස අප වැඩි දුරටත් අවධානයෙන් සිටින බවත්, ජාතික ජන බලවේගය නමින් පෙනී සිටින ව්‍යාජ සංගම් වේ නම් ඒවාට නොරැවටෙන ලෙසත් වැඩකරන ජනතාව වෙත සහෝදරාත්මකව දැනුම් දෙමු.
එමෙන්ම, ජාතික වෘත්තීය සමිති මධස්ථානය හා සම්බන්ධ වෘත්තීය සමිති හෝ ඒ හා බැඳුනු කටයුතු පිළිබඳව විමසා ගැනීමට අවශ්‍ය නම් පහත සහෝදරවරුන් අමතන ලෙස වැඩි දුරටත් දන්වා සිටිමු.
රාජ්‍ය අංශය - චන්දන සූරියආරච්චි සහෝදරයා - 0718178268
අර්ධ රාජ්‍ය අංශය - රන්ජන් ජයලාල් සහෝදරයා - 0714853967
පෞද්ගලික අංශය - කණිෂ්ක නිරෝෂන් සහෝදරයා - 0717032190
වතු ක්ෂේත්රය - ජේ. එම්. ඒ. පේමරත්න සහෝදරයා - 0717128265