මාධ්‍යවේදීන්ට හදිසි අනතුරුවලින් තුවාලවීම් වැළැක්වීම සඳහා ප්‍රථමාධාර පිළිබඳව පුහුණු වැඩසටහනක්

මාධ්‍යවේදීන්ට හදිසි අනතුරුවලින් තුවාලවීම් වැළැක්වීම සඳහා ප්‍රථමාධාර පිළිබඳව පුහුණු වැඩසටහනක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය මගින් මාධ්‍යවේදීන් සඳහා පවත්වන්නට යෙදුන හදිසි අනතුරුවලින් සිදුවන තුවාලවීම් වැළැක්වීම හා ප්‍රථමාධාර පිළිබඳ වූ “Injury prevention and First aid” පුහුණු වැඩසටහන (22) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදි.

මෙම පුහුණු වැඩසටහන සඳහා මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් සහභාගිව සිටි අතර, එම මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත කුමාර තෙන්නකෝන් මහතා අතින්  සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.  

මෙම අවසථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග, ‌ඡ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර පුහුණු නිලධාරී Shakun Croos  යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.