රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ ප්‍රායෝගික ගැටලු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ,
පසුගිය දින කිහිපයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත සාමාජිකත්වයෙන් සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව රෝහල් පද්ධතිය තුල ඇති ඖෂධ සහ උපකරණ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ද රටේ ජනතාවගේ ද අවධානය අඛණ්ඩව යොමු කරවා ඇත.
රෝහල් පද්ධතිය තුළ දිනෙන් දින උග්‍ර වන ඖෂධ සහ උපකරණ හිඟය හමුවේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ගුණාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇත්තේ සීමාව ඉක්මවා කැපවීම් කරමින් සේවාවන් සපයන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් හේතුවෙන්ය.
ඖෂධ හිඟය මඟ හරවා ගැනීම සඳහා රජය කඩිනමින් කල යුතුව තිබුණු හිඟ ඖෂධ රෝහල් වලට ලබා දීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කර ඇත්තේ කඩිනමින් චක්‍රලේඛ නිකුත් කර රෝගීන්ට ඖෂධ පිටතින් මිලදී ගැනීමට යොමු කරවීමය.
ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන්, රෝහල තුල හිඟ ඖෂධ රෝගීන් බාහිරින් ලබා ගැනීම සදහා සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගත් විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් නෛතික සහ පරිපාලනමය ගැටළු ගණනාවක් පසුගිය සමයේදි මතුවිය.
අවදානමක්ද දරමින් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිලිවෙලක් මෙතෙක් නැත.
රෝහල් පද්ධතිය තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබාගැනීමට අදාල මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පසුගිය සතියේදී නිකුත් කරන ලදී. මෙම ගැටළුව සම්බන්ධයෙන් සමස්ත වෛද්‍ය ප්‍රජාව තුල ප්‍රබල සාකච්ඡාවක් මතු වී ඇති අතර පවතින තත්ත්වය සහ නිකුත් කර ඇති ඒ චක්‍රලේඛය පිළිබඳ සමාලෝචනය කිරීම සදහා මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවක් පසුගිය 2025.07.21 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදි පැවැත්විණි.
එහිදි, මෙම චක්‍රලේඛය රෝහල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීමේදි මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු ගණනාවක් පිළිබඳ සාකච්ඡාවට ලක් විය. මේ වන විටත් සංකීර්ණ ගැටළු ගණනාවක් මධ්‍යයේ සෞඛ්‍ය සේවා සපයන අතර, නිකුත් කර ඇති ප්‍රායෝගික නොවන සහ ගැටලුකාරි චක්‍රලේඛයක් හරහා සිදුවනුයේ රෝගී සත්කාර සේවාවන්ට තවත් බාධා වීම පමණි.
අද දින වන විට චක්‍රලේඛය නිකුත් කර දින ගණනාවක් ගතව ඇතත් එය ප්‍රායෝගික නොවන බව රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛදවරුන්ගේ සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ මතය වී ඇත.
අප සොයා බැලු කරුණු අනුව දිස්ත්‍රික් ගණනාවක රෝහල් වල හිඟ ඖෂධ ලේඛණය ඉදිරිපත් කර නැත. කුමන ඖෂධ හිඟ දැයි, දිනපතා සායන, බාහිර රෝගී අංශ, වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක ඇතුළු සෞඛ්‍ය සේවා සපයන සියලු ඒකක වෙත අධ්‍යක්ෂවරු විසින් සහතික කොට එවිය යුතු නමුත් බහුතරයක් රෝහල් වල එම කාර්යය අද දින වන විටත් සිදු වී නැත.
එමෙන්ම සායනයේ සිටින සියලුම රෝගීන්ට ඖෂධ ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරයා වෙත පෝරමයක් ඉදිරිපත් කර සහතික කරගැනීමෙන් පසු එය පෞද්ගලික ෆාමසියෙන් ගැනීමට සිදු වී ඇත.
ඖෂධ නොමැතිව පිඩාවට පත්ව සිටින රෝගීන්ට ඒම ඖෂධය මිලදි ගැනීමට අවසරය ලබා ගැනීම සඳහා පෝරමයක් පුරවා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් රෝහලේ විවිධ කාර්යාල සහ ඒකක වෙත යාමට සිදුවීමම තවත් පිඩාවකි.
චක්‍රලේඛයේ පවතින ඇතැම් නිර්ණායක සහ මාර්ගෝපදේශ අනුව රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර ලබා දීම පසෙකලා ලියකිවිලි සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වීමේ තත්ත්වයක්ද මතු වී ඇත.
එමෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුල පවතින සංකීර්ණත්වය, විවිධත්වය සහ නූතන ප්‍රවණතා කිසිවක් ද නොසලකා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.
මෙම සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ පවතින ගැටලු සහ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් ජනතාවට සහ රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන පීඩාව පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමටද විධායක සභාව විසින් පියවර ගන්නා ලදී.
මෙම සියලු කරුණු අද දින පැවති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
එහිදී තහවුරු වූයේ මෙම චක්‍රලේඛය මඟින් මෙරට ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවය සහ ඖෂධ ලබාගැනීමට ඇති අයිතිය තවත් කප්පාදු කිරීමක් සිදුවන බවයි.
පවතින ප්‍රායෝගික ගැටළු සමග මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික සහ සාර්ථක නොවන බව විධායක සභාවේ නිගමනයයි.
මෙම ගැටළුව සහ චක්‍රලේඛය සම්බන්ධයෙන් ඉදිරියේදි සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.
සැබවින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වනුයේ, චක්‍රලේඛ නිකුත් කර ඖෂධ හිඟය සඟවා දැමීම නොව, සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ අඛණ්ඩව ඉහළ ප්‍රමිතියෙන් යුතුව සපයා දීමයි. එම වගකීම පැහැරහරිමින්, ඖෂධ හිඟයට විසඳුම් ලබානොදී කල් මැරීම වෙනුවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමට උරදීමට පාලකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.