අප්‍රේල් 28දා ගුරු-විදුහල්පතිවරුනුත්  වැඩ වර්ජනයේ

අප්‍රේල් 28දා ගුරු-විදුහල්පතිවරුනුත්  වැඩ වර්ජනයේ

අප්‍රේල් 28 දින සියලු ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු සහ පිරිවෙන් ගුරුවරු ස්ථිරවම වැඩ වර්ජනයේ යෙදීමට තීරණය කර ඇති බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වර්තමාන ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ වැඩකරන පන්තිය මෙන්ම රටේ සමස්ත ජනාතව දැඩි පීඩාවකට ලක්ව ඇත. මේ තත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් රටපුරා අඛණ්ඩ උද්ඝෝෂණ පැවත්වේ.

ඒ තත්වය තුළ උද්ඝෝෂකයන් මරා දමමින්, මර්දනය කරමින් තවදුරටත් බලයේ රැදී සිටීමට පාලකයන් කටයුතු කරමින් සිටී. මේ තත්වය තුළ මෙරට සමස්ත ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශවරු අප්‍රේල් 25 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් ආණ්ඩුවට විරෝධය පළ කරන ලදී.

එසේම රාජ්‍ය, අර්ධරාජ්‍ය, පෞද්ගලික හා වතු ඇතුළු සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධව අප්‍රේල් 28 දින සමස්ත මහා වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අප්‍රේල් 28 දින සියලු ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු සහ පිරිවෙන් ගුරුවරු ස්ථිරවම වැඩ වර්ජනයේ යෙදීමට තීරණය කර ඇත.