නෝත් සී -මාස 3න් වැටුප් ගෙවා නෑ

නෝත් සී -මාස 3න් වැටුප් ගෙවා නෑ
ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ට මාස තුනකින් වැටුප් ගෙවා නැති බව වාර්තා වේ.
 
වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ  (31) පැවැත්විණි.
 

එහිදී ඔවුන් අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන සේ විවිධ සටන් පුවරු  ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වූ බව අප වාර්තාකරු පවසයි.