පැය 72ක් තුළ විසඳුම් නැතිනම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

පැය 72ක් තුළ විසඳුම් නැතිනම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්
පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත්, එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත්, වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා ඊයේ (14) කියා සිටියේය.
 
ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින බව කී රවී කුමුදේෂ් මහතා, වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන 17 වැනිදා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
 
වෘත්තීය සමිති ව්‍යාපාරය ද නියෝජනය කරන අරගල බිමෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සෑම අරගල භූමියකම පොදු ඉල්ලීම බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.