ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී බැංකු පද්ධතිය අනතුරේ නොදමා කටයුතු කළ යුතුයි - CEBU

ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී බැංකු පද්ධතිය අනතුරේ නොදමා කටයුතු කළ යුතුයි - CEBU

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා බැංකු පද්ධතියට සිදුවිය හැකි බලපෑම හා මේ වනවිට බැංකු පත්ව සිටින දුෂ්කරතා වහාම තේරුම් ගනිමින් හා ඒවා තවදුරටත් අපහසුතාවකට පත් කිරීම තුළ රටට හා ජනතාවට විශේෂයෙන් බැංකුවල ගනුදෙනුකාර ප්‍රජාවට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක වහාම අධ්‍යයනය කරමින් මෙම කටයුතු සඳහා අවතීර්ණ විය යුතු බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය කිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රටේ පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කළ වැරදි ආර්ථික උපාය මාර්ග හේතුකොට ගෙන රට තුළ බරපතල ආර් ථික අර් බුදයක් පැන නැගී ඇත. පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි පරිසර සාධක විසින් එම තත්වය තවදුරටත් තීව්‍ර කරන ලදී. මෙම තත්ත්වය තුළ රටේ කෘෂිකාර් මික, කාර් මික හා සේවා යන සියලු අංශවල බරපතල පසුබෑමක් ඇතිවූ අතර ආර් ථික වර්ධනය වේගය සීඝ්‍ර පහළ බැසීමක් සිදුවිය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස බැංකු පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වුව ද ලංකාවේ බැංකු එම තත්ත්වයට මුහුණ දෙමින් මේ දක්වා ආර් ථිකය තුළ ගාමක බලවේගයක් ලෙස කටයුතු කරමින් සිටී.

2008 ගෝලීය මුල්‍ය අර් බුදයේ සිට අද දක්වා පැන නැගී සියලු කම්පන තත්වයන්වල දී ඒවාට ඔරොත්තු දෙමින් දරා ගනිමින ආර් ථිකයේ පිපිරීම්වලට ද පැලැස්තර දැමීමට බැංකු පද්ධතිය, විශේෂයෙනම රාජ්‍ය බැංක්‍ර විශාල සහයෝගයක් ලබාදෙන ලදී.

නමුත් මේ වනවිට රජය විසින් විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇති තත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද මැදිහත්වීම සහිතව සියලු ආකාර විදේශීය ණය ප්‍රතිව්‍යුුහගත කර ගැනීමට උත්සාහ කරමින් සිටින පසුබිමක දේශීය ණය සඳහා ද යම් ප්‍රතිව්‍ය ුහකරණ ක්‍රියාවල ියක් සිදු කිරීමේ බලපෑම රජය වෙත එල්ල වී ඇත. ජාත්‍යන්තර අත්දැකීම් සලකා බැලීමේ දී මෙවන් බලපෑමක් එල්ලවීීම පිළිබඳව ප්‍රායෝගික තත්ත්වය අවබෝධකර ගත හැක.

එසේ වුව ද එහිදී පහත කරුණු කෙරේ දැඩි අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරමු.

01 මොනම ආකාරයේ හෝ ප්‍රතිව්‍යුහකරණයකින් තොරව පවතින අර් බුදය තුළ අපේක්‍ෂිත ඉලක්ක කරා ළඟාවිය හැකි විකල්ප යෝජනා පිළිබඳව සලකා බැලීම.

02 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ගෝලීය බලපෑම් මත යැපීමට සිදුවුව ද 100% ක්ම ඔවුන්ගේ මගපෙන්වීම් මත නොව ඒවායින් අපහට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිිබඳව සාකච්ඡා කරමින් වඩාත් රටට ගැලපෙන ක්‍රමවේදයක් පිළිබඳව කේවල කිරීම.

03 ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය රජය, මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, බැංකු පාලනාධිකාරීන් සහ ඇල්මැති පාර් ශවයන් යන සියලු පාර්ශව අතර කෙරෙන ප්‍රශස්ත සංවාදයක් තුළ  ඒ ඒ බැංකුවලට ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල අවම කරමින් කටයුතු කිරීමට සැලසුමක් සකස් කිරීම.

04 කුමන හෝ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් බාහිර පාර්ශවයන්ගේ බලපෑම මත බැංකු පද්ධතිය මත බලහත්කාරයෙන් පැටවීමට කටයුතු නොකිරීම.

05 දේශීය ප්‍රතිව්‍යුහකරණයක් සිදු කිරීමේ දී රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, සේවක අර්ථසාධක අරමුදල වැනි රාජ්‍ය අරමුදල්, පෞද්ගලික භාර අරමුදල් ආදිය සඳහා දායක වී ඇති සියලු පාර්ශව එක හා සමාන තත්ත්වයේ සලකමින් ඔවුන් සැමට පොදු සංකූලතා අවම වන ක්‍රමවේදයක් සැලසුම් කිරීම.

මෙම සියලු තත්ත්වයන් අතරතුර ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශව මේ වනවිට බැංකු පත්ව සිටින දුෂ්කරතා වහාම තේරුම් ගනිමින් හා ඒවා තවදුරටත් අපහසුතාවකට පත් කිරීම තුළ රටට හා ජනතාවට විශේෂයෙන් බැංකුවල ගනුදෙනුකාර ප්‍රජාවට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක වහාම අධ්‍යයනය කරමින් මෙම කටයුතු සඳහා අවතීර්ණ විය යුතු බව බැංකු ක්‍ෂෙත්‍රයේ  ප්‍රධානතම වෘත්තීය සංගමය ලෙස දැඩි ලෙස අවධාරණය කර සිටිමු.