තැලසීමියාව වලක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්.(fail - ෆේල් )

තැලසීමියාව වලක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්.(fail - ෆේල් )
  • ශ්‍රී ලංකාවේ සෑම අයෙක්ම තම විවාහයට පෙර තමන් තැලසීමියා වාහයෙක්ද යන්න සොයා බැලීමට ඉතා පහසු රුධිර පරීක්ෂණයකින්  කල යුතුයි.
  • ශ්‍රී  ලංකාවේ 03% තැලසීමියා වාහකයින් බවට අනාවරණයක්.

තැලසීමියාව බහුල රටවල් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටී. තැලසීමියාව බහුල  ලෝකයේ අනෙකුත් රටවල්  එම රටවල  ජනතාව අතර තැලසීමියාව ඇතිවීම වලක්වා ගැනීමට සමත්ව තිබේ. එහෙත්  ශ්‍රී ලංකාව එසේ කිසිදු සාධනීය තත්ත්වයක් ඇතිකර ගැනීමට සමත්ව නැතැයි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබද මහාචාර්ය සචිත් මෙත්තානන්ද  මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ළමුන් 2000 පමණ තැලසීමියාව සහිත දරුවන් ලෙස හඳුනා ගැනේ. තැලසීමියා වාහකයින් අතර සිදුවන විවාහයකදී මහා තැලසීමියාව එනම් රෝග ලක්ෂණ සහිත දරුවන් බිහිවීම සිදුවිය හැකිය.

තැලසීමියාව පිලිබදව පවතින මිත්‍යා මත හේතුවෙන් විවාහයකදී තමන් තැලසීමියා වාහකයෙකු බව සැඟවීමට බොහෝ දෙනෙක් පෙළඹෙති. මේ රෝගය වලක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකිවයුතු සියලුම දෙනා මෙන්ම මහ ජනතාවත් දක්වන අධික උදාසීන බවත් තැලසීමියාව වලක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් (fail - ෆේල් ) බවට පත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහාචාර්යවරයා පවසයි.කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ජාවේදී ඔහු මෙම අදහස් පල කලේය.

මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සිය බලවත් කණස්සල්ල පල කරයි.