මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ලෙස පෙනී සිටිමින් මුදල් ගැරීමේ ව්‍යාපාරයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ලෙස පෙනී සිටිමින් මුදල් ගැරීමේ ව්‍යාපාරයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් විවිධ ආකාරයේ වැරදි සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් බිය වද්දා මුදල් ලබා ගන්නා සංවිධානාත්මක පිරිසක් හේතුවෙන් ව්‍යාපාරිකයන් විශාල පිරිසකට මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇත.

ලංකාව පුරාම විවිධ ආකාරයේ ව්‍යාපාරික ස්ථාන වලට දුරකථන ඇමතුම් ලබාදෙමින් විවිධාකාර හේතු දක්වමින් ප්‍රදේශයේ   මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලා සිටින මෙම කණ්ඩායම එම මුදල් ඊසි කෑෂ් හෝ බැංකු ගිනුම් ගත කිරීමට උපදෙස් ලබා දෙන අතර එසේ නොමැති වුවහොත් කුමණ හෝ වරදක් සම්බන්ධයෙන් නඩු පවරණ බවට තර්ජනය කරන බවටද තොරතුරු ලැබී ඇත පසුගිය දින කීපය තුල අලුත්ගම ඉඳුරුව හික්කඩුව හෝමාගම මහරගම ආදී ප්‍රදේශ වල ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලා ඇත. රුපියල් 7000 සිට 50000 දක්වා මුදල් මෙසේ ඉල්ලා ඇති බවට වාර්තා වේ.

සංවිධානාත්මක පිරිසක් සිදු කරන මෙම කූට ව්‍යාපාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කිරීමට උපදෙස් ලබාදී ඇති අතර කරන ලද පැමීණිලි සම්බන්ධයෙන්ද මේ දක්වා කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත.

එසේ ඇමතුම් ලබාදෙන අංක ව්‍යාපාරික දැණුවත් කිරීම වලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් ඇමතුම් ලබා දුන් අවස්ථා වලදී ඔවුන් පවසා ඇත්තේ “අපි දවසකට මෙහෙම දෙන දුරකථන ඇමතුම් මගින් රුපියල් ලක්ෂයකට වඩා උපයන බවත් මෙය බන්ධානාගාරයේ සිට මෙහෙයවන බවත් හැකි දෙයක් කරන ලෙසයි“ ඒ අනුව මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්ම වසර කීපයක් තිස්සේ සිදු කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැත මේ සම්බන්ධයෙන් මුදල් ලබාදී ඇති ව්‍යාපාරික පිරිස්වලද උනන්දුවක් නොවීමද මෙම තත්වය පාලනයට බාධාවක් වී ඇත

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ලබාදෙන කිසිදු දුරකථන ඇමතුමක් මගින් මුදල් ඉල්ලා සිටීම් සියල්ල සම්බන්ධයෙන් ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසත් කිසිදු පුද්ගලයෙකුගේ ඉල්ලීමකට කිසිදු ආකාරයක මුදලක් ගිණුම් ගත කිරීම හෝ ඊසි කෑශ් හරහා මුදල් ලබා නොදෙන ලෙසයි යම් අයෙකු එසේ ඉල්ලා සිටින මුදල් ලබාදීමෙන් ආහාර පනත උල්ලංඝනය වන වරදක් වී ඇත්නම් එය නිවැරදි නොවන බැවින් හා යම් වරදක් සගවා ගැනීමේ   බලාපොරොත්තුවෙන් මුදල් ලබා දීමද  අල්ලස් පනත යටතේ වරදක් සිදු කිරීමකි

මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  මෙසේ මුදග් ඉල්ලා සිටින අය සමග සුහදව කථාකර දුරකථන අංක ගිණුම් අංක හෝ ඊසි කෑෂ්  අංකද ලබාගැනීමෙන් පසු සියලු තොරතුරු සමග ලඟම පොලිස් ස්ථානයට හා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටියි

ලංකාව පුරාම සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් සිටින අතර තම ව්‍යාපාරය පිහිටි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකට හැර වෙනත් අයෙකුට එම ප්‍රදේශයේ නඩු පැමිණිලි කිරීමට කිසිදු නෛති බලයක් නොමැති බැවින් දුරකථනය මගින් කරන තර්ජන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් අවධාරණය කර සිටිමු එවැනි දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තම කොටසේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැණුවත් කිරීමටත් ඔවුනගේ දුරකථන අංක ලග තබා ගන්නා ලෙසත් ඉල්ලා සිටියි

කොළඹ හා නගරාසන්න ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ විශාල ලෙස මුදල් ලබා ගන්නා බවට තොරතුරැ වාර්තා වන බැවින් හා ආහාර වැටලීම් පිළිබද වාර්තා වන අවස්ථාවලදී මෙම තත්වය ඉහල යන තත්ත්වයක් මාර්තා වන බැවින්  කිසිදු අවස්ථාවක කිසිදු ඉල්ලීමක් වෙනුවෙන් කිසිදු මුදලක් ලබා නොදෙන ලෙසත් ඉල්ලා සිටින අතර මෙවැනි සංවිධානාත්මක කූට අපරාධකරුවන් හේතුවෙන් ව්‍යාපාරිකයන් අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තියද කෙලෙසිමින් පවතින බැවින් මෙම තත්වය වලක්වාලීම සදහා ව්‍යාපාරික සැමගේ සහාය බලාපොරොත්තු වෙමු.