කම්කරු නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න (PHOTO)

කම්කරු නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න (PHOTO)

ජනතාවගේ අයිතිවාසිකම් රකින නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයට බලකරමින් කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් (27) දින විරෝධතාවයක නිරතවිය.

ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර පනවා ඇති ඇති නීති රීති ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරින්ට ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වාතාවරණය සලසන ලෙසට බල කරමින් හා එසේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පනත්වල සඳහන් පරිදි ආරක්ෂාව සැලසිය යුතු බවටත් අවධාරණය කරමින් කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ නිලධාරීන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට අද දිනයේදී මෙසේ විරෝධතාවයක් පැවැත්වූවේය.

2018 වසරේදී හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායනික අපද්‍රව්‍ය ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙක් මිය ගොස් තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති නීති අනුව කටයුතු කිරීමේදී ස්වාධීනව කටයුතු කළ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවදානම සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය දක්වා තිබේ.

පාර්ලිමේන්තුවෙන් පනවා ඇති නීති ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට යොදා ගන්නා ඕනෑම අවස්ථාවකදී එම පනත්වල සදහන් පරිදි නිලධාරින්ට ආරක්ෂාව සැලසිය යුතු බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළහ.