"සහන කඳවුරු වල  සහන යදින්නෝ"  - චාන්දනී දිසානායක

"සහන කඳවුරු වල  සහන යදින්නෝ"  - චාන්දනී දිසානායක

"ආපදා සහන කඳවුරුවලදී එම ස්ථාන වල කටයුතු කරන නිලධාරීන් අතින් ලිංගික හිංසාවට ලක් වෙනවා . අපි ලිංගික ශ්‍රමිකයන් විදිහට වෘත්තියක්  කලාට ඒ වගේ අවස්ථාවල  එවැනි තත්ත්වයකට මුහුණ දීමේ හැකියාවක් අපිට නෑ . මේක ලොකු කායික මානසික පීඩාවක් ."

ලිංගික ශ්‍රමිකයන් ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ, ආපදා සහන සේවා කඳවුරුවලදී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව කළ විමසීමකදීය.

ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ සංවිධානයක් වන tet සංවිධානයේ සභාපති සකුනී මායාදුන්න  අනාවරණය කළේ , මෙවැනි කතාවකි.

"මම සංක්‍රාන්තික කාන්තාවක්. වෘත්තියෙන් ලිංගික ශ්‍රමිකයෙක්. ඒ වගේම ලිංගික ශ්‍රමිකයන් සඳහා මනෝ උපදේශනය ලබා දෙන කෙනෙක්. මං මේ සම්බන්ධව විදේශීය පුහුණුවක් ලබලා tet  කියන ආයතනය පවත්වාගෙන යනවා . අපි ළඟට එන සාමාජිකයෝ හැම කෙනෙක්ම ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව, කටයුතු කරන අය. ගොඩක් දෙනෙකු ජීවත් වෙන්නේ බෝඩිං කාමරවල. පසුගිය ආපදා තත්ත්වයේදී අපේ ගොඩක් දෙනෙක් ආපදා සහන සේවා කඳවුරුවල හිටියා. අනිත් අය වගේම මමත්, ඔය ගැටලුවට මුහුණ දුන්නා. ලිංගික සබඳතා වලට එ ස්ථානවල වැඩ කළ නිලධාරීන්ම කතා කළා. ඇත්තටම අපි ඒ වගේ දේවල් වලට සූදානම් නෑ. ඇත්තටම හරියට අඳින්න ඇඳුමක් නැතුව, ඇඳිවතින් ජීවිතේ බේරගෙන සහන කඳවුරු වලට ගියාම එතන කිසිම සහනයක් අපි වගේ අයට නෑ. මොකද මේ වගේ අවස්ථාවක ඒ පුද්ගලයන්ට වඩා අපි ගොඩක්  සැලකිලිමත් වෙනවා. මොකද අපි කොන්ඩම් වගේ දේවල් භාවිතා නොකර ලිංගික ක්‍රියාවේ යෙදෙන්නැහැ .  ඉතින් සහන කඳවුරු වලට ඇඳිවතින් ආවාම, ඒවා කොහෙන්ද අපිට . ඒ වගේ අවස්ථාවක එවැනි දේ බලාපොරොත්තුවෙන පුද්ගලයන් ගේ මානසිකත්වය පිළිබඳව හරිම කණගාටුයි.  මේක මට විතරක් සිදුවුණු එකක් නෙවෙයි, අපේ කාර්යාලයට එන ගොඩක් දෙනෙකුට මේ සිද්ධිවලට මුහුණ දෙන්න වෙලා. මොකද කාන්තා ඇඳුමකින් සැරසී සිටියත්,  පිරිමි කටහඬක් නිසා සමාජයේ අනිත් පුද්ගලයන් අපි දිහා වැරදි විදිහටයි බලන්නේ. මේක ඇත්තටම  කණගාටුදායක තත්ත්වයක් හැමදාම ආපදාවක් වෙනකොට අපි ඔය දේට මුහුණ දෙනවා. පහුගිය කොවිඩ් කාලෙදි බත් පැකට් එකටත් නිලධාරින් එක්ක යන්න සිද්ධ වුණා."

කේ. පුෂ්පරාණි වසර පහක පමණ කාලයක් ලිංගික ශ්‍රමිකයෙකු ලෙස වෘත්තිය කරන කාන්තාවකි.  ඇයද, පහුගිය ආපදාවට මුහුණ දී සහන සේවා කඳවුරුවල නවාතැන් ගත්ත අයෙකි. ඇය කියා සිටියේ, බෝඩිං හවුස් එක අයිති කෙනාට රුපියල් විසිපන්දාහේ මුදල ලැබුණත්, සම්පූර්ණ බෝඩිමම සුද්ද පවිත්‍ර කළේ, ඔවුන් බවත්, ඔවුන්ට කිසිම මුදලක් ලබා නොදුන් බවයි. ඇඳිවතින් සහන කඳවුරුවලට ගියපු අපිට රජයෙන් ලැබෙන කිසිම දෙයක් ලැබුණේ නෑ.

ඒ ස්ථානවලදී  අපි ලොකු අසාධාරණයකට ලක්වුණා.

ආපදාව තත්ත්වයකින් පසු කතාබහට ලක්වෙන සුලභම චෝදනාව වන්නේ ආපදා සහන සේවා සඳහා ලබා දෙන භාණ්ඩ සොරකම් කිරීම සහ කඳවුරු වල සිටින අයට සිදුවන අසාධාරණ පිළිබඳවය.

ලිංගික ශ්‍රමයකයෙකු ආපදා සහන සේවා මධ්‍යස්ථාන වලදී ලිංගික අපයෝජනයකට හෝ ලිංගික ක්‍රියාවකට යොමු කරගන්නේ නම් එය බරපතළ සමාජමය ප්‍රශ්නයකි . හේතුව දිනකට පුද්ගලයින් 6,7දෙනෙකු ඇසුරු කරන ලිංගික ශ්‍රමිකයකු සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළත්, ඇතැම් අවස්ථාවක, කවුරුන් හෝ වැරදි සම්බද්ධතාවයකට යොමු වී ඔවුන්ට යම් සමාජ රෝගයක් වැළඳුනහොත්, තවත් බොහෝ දෙනෙකු එම අවදානමට ලක් වීමට හැකියාවක් ඇති බවයි .

ආපදා අවස්ථාවකදී සමාජය සංවේදී වෙමින් සෑම පුද්ගලයකුටම එක හා සමානව සැලකීම විය යුතු වුවත්, ඇතැම් පුද්ගලයන්ගේ නොමනා ක්‍රියා තවත් සමාජමය ගැටලුවකට හේතු විය හැකිය.

ලිංගික ශ්‍රමිකයන් පිළිබඳව කටයුතු කරන stand up movement හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙනිය

ඇත්තටම ලිංගික වෘත්තිකයන් පිළිබඳව නිවැරදි සංඛ්‍යා ලේඛන නෑ. ලංකාවේ  කිසිම ආයතනයකින් ඒ පිළිබඳව තොරතුරු සොයාගැනීමේ හැකියාවකුත් නැහැ. නමුත් 2010 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලිංගික ශ්‍රමිකයන් පනස් දෙදහක් පමණ ඉන්න බව, දැන් ඒ තත්ත්වය සාමාන්‍යයෙන් සියයට විස්සකින් විතර වර්ධනය වෙලා කියලා අපි හිතනවා ඒ ගානේ නිශ්චිත නැහැ දළ වශයෙන් තමයි අපිට ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්නේ මොකද මේ වෙන විට, තවත් වෘත්තයක් කරමින් ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන විශාල සංඛ්‍යාවක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා විශේෂයෙන්ම online හරහා මේ සේවාව ලබා ගන්නා සහ ලබා දෙන පිරිස් වැඩිවීමත් සමඟ, ඒ අය පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන  නැහැ . ඒ කෙසේ වෙතත්, ඇත්තටම ලිංගික ශ්‍රමිකයන්ටත් අනිත් අයට වගේම සේවාව ලබා ගැනීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් ඒ වගේ කෙනෙක් ගර්භනී වූ අවස්ථාවකදී පවා පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හොඳ සේවාවක් ලැබෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරිවරයා වුණත් ඔහු හෝ ඇය ලිංගික ශ්‍රමිකයෙක් බව හඳුනාගතහොත්, ඔවුන්ට සේවාව ලබා නොදී බොහෝ දෙනෙක් මගහරිනවා. කාගේ හෝ තාඩන පීඩාවකට ලක්වෙලා පොලිසියේ සේවාව ලබාගන්නේ ගියොත් එතනදිත් ඒ අයට ඒ ආකාරයටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට ලිංගික ශ්‍රමිකයන් කියල කෙනෙක් හඳුනා ගන්න සමහර මිනිසුන් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා .ඔවුන්ගෙන් ඈත් වෙලා සිටිනවා.  එය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් නිලධාරීන් ද ඔවුන්ට සේවාව ලබා නොදී මගහරිනවා. මේ නිසා රජයේ නිලධාරීන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි කියන තැනයි අපි ඉන්නේ දැනට පාර්ශ්ව කරුවන් සමග දිස්ත්‍රික්ක ගණනාවක රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්  මාලාවක් කරමින් සිටිනවා.

ආපදා සහන සේවා මධ්‍යස්ථානවලදී  ලිංගික ශ්‍රමිකයන් එක පැත්තක වින්දිතයන් විතරක් නෙවෙයි, ලිංගික වෘත්තීය භාවය නිසත් වින්දිතයන් බවට පත් නොවිය යුතුයි. විශේෂයෙන්ම සංක්‍රාන්තික ලිංගික වින්දිතයන් මෙවැනි ස්ථානවල තුන් ආකාරයකින් වින්දිතයන් බවට පත්වෙනවා.

"රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය සුරංජිත් ගුණසේකර

මූලික වශයෙන් ආපදා තත්ත්වයක දී එතන ඉන්න හැමෝම වින්දිතයන් බව හඳුනාගත යුතුයි. මෙහිදී ලිංගික ශ්‍රමිකයන් සමාජයේ පිළිගැනීම අහිමි වුවල් ලෙසත් වින්දිතභාවට පත් වෙනවා. සංක්‍රාන්ති ලිංගික සමීකයන් නැවත නැවතත් වින්දිතයන් බවට පත්වෙනවා. මේ කාරණාවලින් සමාජයේ අසංවේදී කම පිළිබිඹු වෙනවා.

අපේ සමාජයේ මේ සියල්ලටම මැදහත් ලෙසින් දැකිය හැකි දියුණු සමාජ සංස්කෘතික තත්ත්වයක් නිර්මාණය වෙලා නෑ. සහන සේවා සැලසීමේ සමහර කණ්ඩායම් අතර සිටින යම් අය නිසා පෙනී යන්නේ ඔවුන්ගේ අශීල අසංවේදී තත්ත්වය. ආපදා සහන සේවා කඳවුරක සිටින යම් අයෙකුට ලිංගික බලහත්කාරකමක් සිදු වෙනවානම්, ඔවුන් එතැනදී තවත් වින්දිතභාවයට පත්වෙනවා. මෙයින් අපිට පෙනෙන්නේ පිළිගත් මහා සමාජයේ යැයි සැලකෙන කොටස්වල අශීල බව.

ආපදා තත්ත්වයන්වලදීපු ද්ගලයන් ලෙස පමණක් නොව සතුන් කෙරෙහිද සංවේදී වන  සමාජය තුළ යම්  පුද්ගල පිරිසක් විසින් තවත් පිරිසක් වින්දිත භාවයට පත් කරන්නේ නම්, එහි ඇත්තේ අශීල බව සහ අසංවේදී බවයි.

යමෙක් ස්ත්‍රී-පුරුෂ භාවය මත හෝ වෘත්තිය මත, කුලය මත, තරාතිරම මත හෝ ප්‍රදේශය මත වින්දිතභාවයට පත් වන්නේ නම්, එහි වරද ඇත්තේ මහා සමාජය ලෙස සම්මත සමාජයේ ආකල්පයන් ය.

chandani dissanayake

| චාන්දනී දිසානායක <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>

 

සබැඳි පුවත්