වයඹ පළාතේ රෝහල් සේවකයින් අද (15) වර්ජනයේ

වයඹ පළාතේ රෝහල් සේවකයින් අද (15) වර්ජනයේ

වයඹ පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක කරන බවත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිතියේ වෘත්තීය සමිති නියෝජිතයකු "වැඩබිම" ට පැවැසීය.

පසුව සාමන්‍ය පරිදි සෞඛ්‍ය සේවකයන් තම  සේවයට වාර්තා කර රාජකාරි වල නිරත වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

පළාත් මට්ටමින් මෙම වර්ජනය සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා ප්‍රශ්ණයක් විසඳුමකට ඒමට නොහැකි වුවහොත් ඉදිරියේදී එය ජාතික මට්ටමේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට තමන් සුදානමින් සිටන බව ඔහු පවසා සිටියා.

සබැඳි පුවත්